අපගේ දැක්ම
2030 වර්ෂය වන විට සුපිළිපන්න සේවාවක් ලබා දෙමින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට තිරසාර සංවර්ධන ඉලක්ක ළඟාකර ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී ආයතනය බවට පත් වීම
අපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව සේවා සැපයීම සම්පත් සම්බන්ධීකරණය හා සහභාගිත්වයෙන් යුතු කාර්යත්ෂම තිරසාර හා සැලසුම්ගත ක්‍රියාවලියක් තුලින් ප්‍ර දේශයේ ජනදිවිය නංවාලීම
සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ බෙලිගල් කෝරලේ කීරවැලි පත්තුවේ පිහිටි භූමි ප්‍රදේශයක් වශයෙන් වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හැදින්විය හැකිය.
ෛඑතිහාසික හා පුරා විද්‍යාත්මක අගයන් සහිත ස්ථාන රාශියකම හිමිකම් කියන මෙම කොට්ඨාශෙය් රජ මහා විහාරස්ථාන සුවිෙශ්ෂ වූ වැදගත්කමක් දරයි.වර්ෂ 3400කට වඩා පැරණි ආදි මානවයා දොරවක ලෙනෙහි වාසය කල බව පුරා විද්‍යාත්මක කැනීම් වලින් තහවුරුවී ඇත.
ශ්‍රී ලංකාව පෘතුගීසි ආක්‍රමණයේ බලපෑම මැණක්කඩවර ප්‍රදේශයටද තදින්ම බලපෑ බවට මැණක්කඩවර ප්‍රදේශෙය් “පල්ලියවත්ත” නැමැති ඉඩමේ පෘතුගීසි බල කොටුවක් තිබූ බවට ඇති සාධක වලින් තහවුරු කරයි. ඒ සමගම උඩරටට යන ගමන් මාර්ගය මැණක්කඩවර හරහා වැටී තිබූ බවද පැවසේ.
දැදිගම කොට්ඨාශෙය් විශ්මිත නිර්මාණ කිහිපයක්ද ශේෂවී ඇති අතර,දැදිගම කොටවෙහෙර (ක්‍රි.ප්‍ර.4වන සියවස)සහ එහි කැනීම් වලදී සොයාගන්නාලද සවයංක්‍රියා ක්‍රමය අතීත ලංකාවාසින් දැන හඳුනාගෙන තිබූ බවට සාක්ෂි දරණ ලෝකඩ ඇත් පහනද,දඹදෙනි යුගයට අයත් සඳකඩ පහන්වල,විශේෂිත ලක්ෂන විදහාපාන කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙනත් කිසිදු ස්ථානයකින් සොයාගත නොමැති සඳකඩ පහනද දැක්විය හැකිය.
මෙම කොට්ඨාශය ෛඑතිහාසික වටිනාකමක් සහිත භූමියක් බවට පැරණි සංෙද්ශ කාව්‍යන්ද සාක්ෂි දරයි.ඒවගේම දොරවක අටලහ ගොඩල්ලේ අෂ්ටථල බෝධි ශාඛාවක්ද තිබෙන බවට මහජන මතයක් පවතී.ඒ බව තිසර සංදේශයෙන්ද සනාථ කරයි. එෙමන්ම බෙලිගල චෛත්‍ය,පොළොන්නරු යුගයේ රජ කල විජයබා රජුගේ බිසව වූ සෝමාදේවිය සිහිවීම පිණිස කරන ලද්දක් බවට මහා වංශයේ (232 පිටුව)පූජාවලියේද (741,742පිටුවල) අභිනව මහා වංශයේද (383 පිටුව)සඳහන්වේ.දඹදෙනි යුගයේ පැවැති සතුරු ආක්‍රමණවලින් ආරක්ෂාවීම සඳහා III වන විජයබාහු රජතුමා විසින් දළදා වහන්සේ වඩමවා ගෙනවිත් බෙලිගල දළදා මාළිගාවක් සාදවා එහි දළදා වහන්සේ තැන්පත් කර ඇති අතර,එය සිහිවීම පිණිස සෑම වසරකම වෙසක් මාසයේ බෙලිගල මහ පෙරහැර පැවැත්වෙන බවටද මහජන මතයක් පවතී.
සල්ගල ආරණ්‍ය සේනාසනය,රංවල අශෝකාරණ්‍ය,සේනාසනය,වැලිකන්ද ආරණ්‍ය සේනාසනයන් භික්ෂුන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ වාසය කල බවට සාධක ඇත.
පාරම්පරික නර්තන කලාව මෙම ප්‍රදේශයට ආවේණිකවූ සම්පතකි.කොහොඹ කංකාරිය වැනි ශාන්තිකර්මද, නැටුම් ක්‍රමද මේ වන විට ආරක්ෂා කරගෙන සිටින ප්‍රවීණ නැටුම් ශිල්පීන් හා වාදන ශිල්පීන් මෙම කොට්ඨාශයේ අල්ගම,තුඹලියද්ද,ලිහිනියකඩුව යන ප්‍රදේශවල අදද ජීවත්වේ.
|
විකාශනය |
වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ථාශය ලෙස පරිපාලන ප්‍රදේශය දීර්ඝ කාලීනව ජනාවාසයක් ලෙස පැවති බවට මේ වනවිට තොරතුරු අධ්‍යයනය මගින් කරුණු සනාථ වී ඇත. ප්‍රාග් ෛඑතිහාසික යුගයේ සිට මෙම ප්‍රදේශජනාවාස වී පැවැති බවට දොරවක ලෙන ආශ්‍රිතව කළ පුරා විද්‍යාත්මක අධ්‍යයන මගින් හෙලිදරව්වී ඇත. ශ්‍රී ලංකාෙව් ලිඛිත ඉතිහාස තොරතුරුවලට අයත් ෛඑතිහාසික මූලාශ්‍ර අනුව මෙම ප්‍රදේශය ඉපැරණි තුන් සිංහලයේ මලය රටට අයත් භූමි භාගයකි.අනුරාධපුර,පොළොන්නරු දඹදෙනි,කුරුණෑගල,ගම්පොල හා කෝට්ටේ සහ මහනුවර යුගවලදී මෙම ප්‍රදේශය දැදිගම ප්‍රමුඛ කරගෙන පුංඛගාම(දැතිගම) ලෙස ව්‍යවහාර කළ බවට මහා වංශය සාක්ෂි දරයි.
වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ථාශය ලෙස පරිපාලන ප්‍රදේශය දීර්ඝ කාලීනව ජනාවාසයක් ලෙස පැවති බවට මේ වනවිට තොරතුරු අධ්‍යයනය මගින් කරුණු සනාථ වී ඇත. ප්‍රාග් ෛඑතිහාසික යුගයේ සිට මෙම ප්‍රදේශජනාවාස වී පැවැති බවට දොරවක ලෙන ආශ්‍රිතව කළ පුරා විද්‍යාත්මක අධ්‍යයන මගින් හෙලිදරව්වී ඇත. ශ්‍රී ලංකාෙව් ලිඛිත ඉතිහාස තොරතුරුවලට අයත් ෛඑතිහාසික මූලාශ්‍ර අනුව මෙම ප්‍රදේශය ඉපැරණි තුන් සිංහලයේ මලය රටට අයත් භූමි භාගයකි.අනුරාධපුර,පොළොන්නරු දඹදෙනි,කුරුණෑගල,ගම්පොල හා කෝට්ටේ සහ මහනුවර යුගවලදී මෙම ප්‍රදේශය දැදිගම ප්‍රමුඛ කරගෙන පුංඛගාම(දැතිගම) ලෙස ව්‍යවහාර කළ බවට මහා වංශය සාක්ෂි දරයි.
Detail study had proved that there was a regional area with settlement for long period
මහනුවර යුගයේ අවසන් සිංහල රාජ්‍ය සමයේ සතර කෝරලයට අයත් බෙලිගල් කෝරළය වර්තමාන පරිපාලන කොට්ථාශයට අයත් පාලන ප්‍රදේශය බවට පත්වී තිබුණි.එවකට මොල්ලිගොඩ අදිකාරම් විසින් මෙම ප්‍රදේශය භාරව කටයුතු කළ බව ෛඑතිහාසික ලියවිලි අනුව තහවුරුවේ.ඉංග්‍රීසි පාලන සමයේ (1815)මෙම ප්‍රදේශය උඩරට හා කෝට්ටේ යා කරන ප්‍රධාන ගමන් මාර්ගය තුල පිහිටි බවත්,ඒ නිසාම නුවර -කොළඹ මහා මාර්ගය ඉංග්‍රිසින් විසින් ඉදිකිරීමේදී මෙම භූමිය ආශ්‍රිතව සැළසුම් කළ බවත් තහවුරුවේ.උඩරට ගමන් මාර්ගය 1884 නිමවීමත් සමග මෙම ප්‍රදේශය විවිධ අංශ වලින් වැදගත් ප්‍රදේශයක් බවට ඉබේම පරිවර්තනය විය.1840 සිට 1940 දක්වා කාලය තුල බෙලිගල් කෝරළය,රටේ මහත්තයෙකු යටතේ පාලනය වූ අතර,අවසන් වරට මෙම තනතුර දැරුවේ දැදිගම ප්‍රදේශයේම ප්‍රභු වරයෙකු විසිනි.1815 සිට 1942 දක්වා බෙලිගල් කෝරළය බස්නාහිර පළාතට අයත් ඉංග්‍රීසි පාලන ඒකකයට අයත්වූ අතර 1889 දී සබරගමුව පළාත පිහිටුවීමෙන් පසු මෙම භූමි ප්‍රදේශය සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයේ පරිපාලන ප්‍රදේශයට එක්විය.
වර්තමාන දැදිගම හා ගලිගමුව මැතිවරණ කොට්ඨාශ වෙන් කරනු ලැබුවේ 1976 වර්ෂයේදීය.1979.07.20 දින විශේෂ ගැසට් පත්‍රයක් මගින් දැදිගම මැතිවරණ කොට්ඨාශයට අයත් වර්තමාන බල ප්‍රදේශය වරකාපොල ප්‍රාදේශිය ආදායම් නිලධාරි කොට්ඨාශය ලෙසට ප්‍රකාශයට පත්විය.1992 අංක 58 දරණ බලතල පැවරීමේ පනත යටතේ 1993.01.01 දින සිට මෙම ප්‍රදේශය වරකාපොල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය බවට පත්විය.
1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| විජිතානන්ද මැණික්දීවෙල මහතා | ||
| ඈපා මහතා | ||
| රණවීර මහතා | ||
| මාපිටිගම මහතා | ||
| බී.ජී.කුලසේන මහතා | 1976 | 1992.12 |
| රංජිත් විජේතිලක මහතා | 1993 | 1995.11.14 |
| සුනිල් ප්‍රේමදාස මහතා | 1995.12.01 | 1998.12.31 |
| එල්.පී.යූ.ලියනාරච්චි මහතා | 2001.03.30 | 2002.09.22 |
| වී.ඩබ්ලිව්. ධනසේන මහතා | 2002.09.23 | 2004.06.07 |
| ජී.ජී.ඒ.විමලසේන මහතා | 2004.11.08 | 2007.10.02 |
| ප්‍රභාත් උදාකර මහතා |
2007.12.03 |
2016.05.02 |
| ඒ.එම්. රංගන සජීව මහතා | 2019.08.15 | මේ දක්වා |















