WhatsApp Image 2026 09 22 at 9.35.05 PM

GovTech SRI LANKA
ගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම

eRL 2.0 පද්ධතිය යාවත්කාලීන කිරීම හේතුවෙන් පළාත් 8ක
ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍රය ලබාගැනීම අත්හිටුවීම සම්බන්ධවයි.


2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා

පහත සඳහන් පළාත් වල ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව කාරුණිකව දැනුම් දෙමු.

අදාළ පළාත්
* මධ්‍යම පළාත
* වයඹ පළාත
* නැගෙනහිර පළාත
* සබරගමුව පළාත
* උතුරු මැද පළාත
* දකුණු පළාත
* උතුරු පළාත
* ඌව පළාත

2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සූදානම් කරනු ඇත.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් ඔබට සිදුවන අපහසුතාවය පිළිබඳව අපගේ කණගාටුව පළ කර සිටින අතර, පද්ධතිය වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලිය සඳහා ඔබ ලබා දෙන සහයෝගය අගය කර සිටිමු.

ප්‍රධාන විධායක නිලධාරී
ගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගම

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරනු වස්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ අතර වෙසක් කූඩු නිර්මාණ තරගාවලියක් මහත් උද්යෝගයෙන් පැවැත්විණි.

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

"ඒහිපස්සිකෝ"

ජාති, කුල, ආගම් භේදයෙන් තොරව සමස්ත ලෝකයා වෙත මෛත්‍රිය, කරුණාව සහ සාමය බෙදාහරින්නට අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ ස්වාමීන්වහන්සේලා විසින් අරඹන ලද "ලෝක සාම පා ගමන" හෙවත් "මෛත්‍රියේ පාද යාත්‍රාව" අපේ වරකාපොල කොට්ඨාශය හරහා පසුගිය 25 සහ 26 යන දිනවල අතිසාර්ථකව ගමන් කලේය.

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

අදට යෙදෙන (මැයි 22) ලෝක ජෛව විවිධත්ව දිනය නිමිත්තෙන්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලය සුවිශේෂී පියවරක් ගත්තේය.

රුධිර දාන පාරමිතා

වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ, වරකාපොල ග්‍රාම නිලධාරී සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද "රුධිර දාන පාරමිතා" ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා

News & Events

23
සැප්2026
මාධ්‍ය නිවේදනය  GovTech SRI LANKA

මාධ්‍ය නිවේදනය GovTech SRI LANKA

GovTech SRI LANKAගවටෙක් ශ්‍රී ලංකා (පුද්ගලික) සමාගමeRL...

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

Scroll To Top