රුධිර දාන පාරමිතා
වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය හා මගපෙන්වීම යටතේ, වරකාපොල ග්‍රාම නිලධාරී සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද "රුධිර දාන පාරමිතා" ලේ දන්දීමේ වැඩසටහන පසුගියදා
වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. තවත් ජීවිතයක් බේරාගැනීමේ උදාර අරමුණින් මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලීන් 60කට අධික පිරිසක් සහභාගී වූ අතර, මෙහි සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ සැමටත්, රුධිරය ලබාදුන් සියලු පරිත්‍යාගශීලීන්ටත් අපගේ ගෞරවනීය ස්තූතිය පිරිනමමු
























