අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

10
ජූනි2026
රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය...

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

අදට යෙදෙන (මැයි 22) ලෝක ජෛව විවිධත්ව දිනය නිමිත්තෙන්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලය සුවිශේෂී පියවරක් ගත්තේය.

වරකාපොල කොට්ඨාශයේ ගලපිටමඩ ප්‍රදේශයට පමණක් ආවේණික වූ, වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති දුර්ලභ මත්ස්‍ය විශේෂයක් වන "බන්දුල පෙතියා" පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින්, අපේ කාර්යාලීය නිලධාරීන් වෙනුවෙන් විශේෂ T-Shirt එකක් නිර්මාණය කිරීම එම සුවිශේෂී පියවරයි.

මෙම T-Shirt එකේ ලාංඡනය හරහා " Let’s Protect Bandula Barb" (බන්දුල පෙතියා රැක ගනිමු.) යන පණිවිඩය මුළු මහත් ප්‍රජාව වෙතම රැගෙන යමින්, එම තේමාව ඔස්සේ, ජෛව විවිධත්ව සංරක්ෂණයේ වැදගත්කම මෙන්ම දේශීය ජීව විශේෂ ආරක්ෂා කිරීමේ වගකීම පිළිබඳ සමාජ දැනුවත්භාවය වර්ධනය කිරීම මෙහි අරමුණ විය.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ දැඩි කැපවීම හා අඛණ්ඩ සංරක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන්, බන්දුල පෙතියා මත්ස්‍යාගේ ගහණය මේ වන විට 800කට අධික සංඛ්‍යාවක් දක්වා වර්ධනය වී තිබීම සතුටුදායක කරුණකි.

"බන්දුල පෙතියා" යනු අපේ ප්‍රදේශයේ පාරිසරික අභිමානයකි. අනාගත පරපුර උදෙසා මේ වටිනා උරුමය රැකගැනීම අප සැමගේ වගකීමකි.

"Let’s Protect Bandula Barb."

 

Scroll To Top