"ඔබ අප හඳුනාගනිමු" යනතේමාව මුල්කරගනිමින් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ වැඩසටහනක්

"ඔබ අප හඳුනා ගනිමු" යන තේමාව මුල් කර ගනිමින් සමාජ සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ වැඩසටහනක් 2025.07.03 දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

ආගම් අතර සංහිඳියාව සහ සහජීවනය ප්‍රගුණ කිරීමේ අරමුණින් ධර්මය පිළිබඳව ද මුස්ලිම් සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබඳව අවබෝධයක් ඇති කිරීම මෙහි මූලික පරමාර්ථය වූ අතර වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ උපදේශකත්වය සහ වරකාපොල මස්ජිද් සම්මේලනය ඒකාබද්ධව මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

එමෙන්ම තන්වීර් ඇකඩමියේ ශිෂ්‍යයන් විසින් ඉස්ලාම් ආගමානුකූලව හා මුස්ලිම්වරුන්ගේ සංස්කෘතිය හුවා දක්වන අංග කිහිපයක් ද මෙහිදී සංවිධානය කර තිබුණි.

මෙයට කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් පාලන කුසුම් බණ්ඩාර මහත්මිය, වරකාපොල පොලිස් ස්ථානාධිපතිතුමා සහ වරකාපොල ප්‍රාදේශීය ලේකම්කාර්‍යාලීය නිලධාරීන්ගේ සහභාගීත්වය සිදුවිය.

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top