"පන්හිදක මංසල" 2025

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය සාහිත්‍ය කලා මහෝත්සවය " පන්හිඳක මංසල " 2025.10.09 දින පැරකුම් එළිමහන් රංගපීඨයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ හා සහකාර ප්‍රාදේශීය ලේකම් ශශිකා කෝරළගේ මහත්මියගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සංස්කෘතික අංශය ඇතුළු කාර්යාලීය නිලධාරීන්ගෙ සහයෝගයෙන් වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා, වරකාපොල ප්‍රාදේශීය සභාවේ සභාපති චන්දන එදිරිසිංහ මහතා, රුවන්වැල්ල හා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා (සැලසුම්), වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්, දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩල සහ ප්‍රාදේශීය බලමණ්ඩල නිලධාරීන්, පාසල් දුවාදරුවන්, දෙමාපියන් ඇතුලු පිරිස සහභාගී විය.

උත්සව අවස්ථාවේදී ප්‍රාදේශීය සාහිත්‍ය තරඟවලින් ජයග්‍රහණය කරනු ලැබූ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සදහා තෑගි සහ සහතිකපත් ප්‍රදානය කර අතර ප්‍රධාන සාහිත්‍ය වැඩසටහන ලෙස ජන ගී ඇසුරින් නිර්මාණය කළ " ජන නාද " කලාත්මක වැඩසටහන කාර්යාලීය සංස්කෘතික අංශය හා අනෙකුත් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉදිරිපත් කරන ලදී. වරකාපොල රංගධාරී කලා කේන්ද්‍රයේ සිසුන් විසින් ඉදිරිපත් කළ සංස්කෘතිකාංග රැසකින්ද මෙම අවස්ථාව විචිත්‍රවත් විය.

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top