සමගියේ සහ සහජීවනයේ රාමසාන් සැමරුම

"රාමසාන් යනු හුදෙක් උපවාසය පමණක් නොව, එය ඉවසීම, කැපකිරීම සහ අන්‍යෝන්‍ය ගෞරවය ලොවට කියාපාන උළෙලකි."

ආගමික සහජීවනය සහ සුහදශීලීත්වය අරමුණු කරගනිමින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික අංශය මඟින් සංවිධානය කරන ලද රාමසාන් උත්සව සැමරුම පසුගියදා ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු කාර්යාලීය මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට, සමස්ථ ලංකා ජමියතුල් උලමා සභාවේ වරකාපොල කොට්ඨාස නියෝජිත එම්. අක්‍රම් මහතා සහ බාබුල් හසන් මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ද විශේෂ ආරාධිතයන් ලෙස එක් වූහ.

වරකාපොල කොට්ඨාසයේ දහම්පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් සහ දූ දරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම උළෙල, දහම්පාසල් දරුවන්ගේ නැටුම්, ගැයුම්, වැයුම් වලින් විචිත්‍රවත් විය.

මෙහිදී සහභාගී වූ පිරිස අතර රාමසාන් පණිවිඩය බෙදා හදා ගනිමින්, එකිනෙකා අතර ඇති සහජීවනය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට හැකි වූ අතර මෙවැනි වැඩසටහන් හරහා අපේ සමාජය තුළ ජාතීන් අතර සහජීවනය තව තවත් තහවුරු වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු!

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top