මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන
"ඒහිපස්සිකෝ"
ජාති, කුල, ආගම් භේදයෙන් තොරව සමස්ත ලෝකයා වෙත මෛත්‍රිය, කරුණාව සහ සාමය බෙදාහරින්නට අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ ප්රමුඛ ස්වාමීන්වහන්සේලා විසින් අරඹන ලද "ලෝක සාම පා ගමන" හෙවත් "මෛත්‍රියේ පාද යාත්‍රාව" අපේ වරකාපොල කොට්ඨාශය හරහා පසුගිය 25 සහ 26 යන දිනවල අතිසාර්ථකව ගමන් කලේය.
25 වන දින සන්ධ්‍යාවේ මෙම උතුම් හිමිවරුන් තෝලංගමුව මධ්‍ය මහා විද්යාලයවෙත සපැමිණි අතර එම අවස්ථාවේදී අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන්වහන්සේ විසින් සුමධුර ධර්ම දේශනයක් පවත්වන්නට යෙදුණි.
මෙම මහඟු කර්තව්‍යය සාර්ථක කර ගැනීමට ප්‍රාර්ථනා කළ, ඒ සඳහා විවිධ අයුරින් සහාය දුන් විශාල පිරිසක් සිටි බව නොරහසකි.
විශේෂයෙන්ම, අප කොට්ඨාශයේ මහා සංඝරත්නය ඇතුළු සියලූම ආගමික ස්ථානවල ගරු පූජ්‍ය උතුමන්ලා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ රාජපක්ෂ මැතිතුමා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය වැඩබලන දිසාපතිතුමිය ඇතුළු කාර්ය මණ්ඩලය,
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා, ගුරුවරුන්, කාර්ය මණ්ඩලය සහ ආදරණීය සිසු දරුවන්, තෝලංගමුව ඩඩ්ලි සේනාන්නායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු සියලුම දෙනා, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර අධ්යක්ෂතුමා හා පරිපාලන ග්‍රාම නිලධාරිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය මෙන්ම වරකාපොල කොට්ටාශයේ වසම්භාර රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ,වරකාපොල රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මෙන්ම අප කොට්ඨාශයේ සියලූම රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතනවල කාර්ය මණ්ඩලය, චයිනීස් රෙස්ටුරන්ට්, සිසිර බේකර්ස්, වෙළද සංගමය, බෝ ටෙක්ස්, MAS fabric park, තිලිණ මෝටර්ස්, නිලන්ත ටයර් හවුස්, අඹේපුස්ස Royal Restaurant, චානක යෝගට් ඇතුලු ව්‍යාපාරිකයින්, මාහේන තරුණ කණ්ඩායම එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර, හට්, ලයිට් වැල් ඇතුළු සැරසිලි, සංග්‍රහ කිරීම් ආදී විවිධ කටයුතු සඳහා නන් අයුරින් සහාය දුන් සියලුම පිරිස සහ වරකාපොල කොට්ඨාශයේ බෞද්ධ, හින්දු,ඉස්ලාම්, කතෝලික සමස්ත ආදරණීය ජනතාවම සිහිකරන්නේ හදපිරි ගෞරවාදරයෙණි. ඔබලා සියලුදෙනා ඒකරාශී නොවුනානම් මෙම උතුම් අවස්ථාව සර්වප්රකාරයෙන් සාර්ථක කරගැනීමට නොහැකිවනු ඇත.
දේශ සීමා අතික්‍රමණය කරමින්, පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ අප්‍රතිහත අධිෂ්ඨානශීලීත්වය මත සිදුකරන 'මෛත්‍රියේ පාද චාරිකාව' , සාමකාමී හෙට දිනක් වෙනුවෙන් තැබූ සුවිශේෂී පියවරකි. දුෂ්කරතා මධ්‍යයේ වුවද උන්වහන්සේලා පෙරට තබන සෑම පියවරක්ම ලෝක සාමය උදෙසා වූ මහා මඟ සලකුණකි. උන්වහන්සේලාගේ එම අසිරිමත් අධිෂ්ඨාන පාරමිතාව මුදුන්පත් වේවායි අප සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු.
ඒ. එම්. රංගන සජීව,
ප්‍රාදේශීය ලේකම්,


















