අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

10
ජූනි2026
රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය...

ගොඩනඟමු ශ්‍රී ලංකා

78 වන අභිමානවත් ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය නිදහස් සැමරුම් උළෙල 2026 පෙබරවාරි 04 වන දින පැරකුම් එළිමහන් රංගපීඨයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම අවස්ථාවට මාණ්ඩලික නිලධාරීන්, කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, ප්‍රජා සවි බල ගැන්වීමේ නිලධාරීන් මෙන්ම සංවර්ධන නිලධාරීන් ද සහභාගී වූහ. මීට අමතරව පශු වෛද්‍ය නිලධාරී, ගොවිජන සේවා ප්‍රාදේශීය නිලධාරී සහ ස්‍යෙඛ්‍ය වෛද්‍ය කාර්යාලය, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වරකාපොල පොලිසිය නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී විය.

පසුගිය වසර කිහිපය පුරා මෙරට පැවති ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් මිදී රට ස්ථාවර වෙමින් පැවති අවධියක, මෑතකදී ඇතිවූ 'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් මෙරට සංවර්ධන ඉලක්ක කරා යන ගමනට යම් බාධාවක් එල්ල වූ බවත්, රට නැවත ගොඩනැගීමේ භාරදූර කාර්යභාරය සාර්ථක කර ගැනීම සඳහා වැඩිම වගකීමක් පැවරෙන්නේ රාජ්‍ය නිලධාරීන්ට බවත් මෙහිදී සභාව ඇමතූ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා ප්‍රකාශ කර සිටියේ ය.

විශේෂයෙන්ම ග්‍රාමීය මට්ටමින් ජනතාව සමඟ සෘජුව ගනුදෙනු කරන ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් සහ රාජ්‍ය අමාත්‍යාංශ හරහා ජනතාව හා සම්බන්ද වන ක්ෂේත්‍ර නිලධාරීගේ මැදිහත්වීම රට ගොඩනැඟීම සඳහා මේ මොහොතේ තීරණාත්මක සාධකයක් වන බව පෙන්වා දුන් එතුමා, රට මුහුණ දී ඇති අභියෝග ජයගනිමින් නිදහස් දිනයේ සැබෑ අරුත සාක්ෂාත් කර ගැනීමට නම් සියලුම නිලධාරීන් සාමූහිකව හා මනා සහයෝගීතාවයකින් කටයුතු කළ යුතු බවත් ප්‍රකාශ කළේය. එබැවින්, රටේ අනාගත සංවර්ධන ඉලක්ක ජයගැනීම උදෙසා අද දින සිට නව ජවයකින් හා කැපවීමකින් යුතුව කටයුතු කරන ලෙස එතුමා සියලුම කාර්යාලිය නිලධාරීන්ගෙන් සහ වසම්භාර නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙම උත්සවයට සමගාමීව කාර්යාල පරිශ්‍රය සහ මාහේන ජනපද මාර්ගය පිරිසිදු කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් ද එදිනම ක්‍රියාත්මක විය.

 

 

 

Scroll To Top