අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

10
ජූනි2026
රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය...

පොහොසත් රටක අභිමන - ඇය වේ දැයක පෙරමග

ලොවක් ජීවත් කරවන ආදරය, දයාව මෙන්ම රටක ආර්ථිකයේ සහ සංවර්ධනයේ නොපෙනෙන ශක්තිය වන්නේ කාන්තාවයි. ඇය හුදෙක් ගෘහණියක් පමණක් නොව, දැයේ පෙරමඟ මෙහෙයවන සැබෑ දිරිය දියණියකි.

කාන්තාව සතු ඒ අනභිබවනීය වටිනාකම සහ ඇයගේ නිර්මාණශීලී දායකත්වය අගය කරනු වස්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලය එක්ව සංවිධානය කළ

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් වැඩසටහන

පසුගිය මාර්තු 24 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය රැස්වීම් ශාලාවේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

රජයේ ප්‍රතිපාදන වලින් තොරව කාන්තා සමිති මගින් සංවිධානය කරන ලද මෙම සුවිශේෂී අවස්ථාවට ගරු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ළමා හා කාන්තා අනුකමිටුවේ සභාපති නීතිඥ සාගරිකා අතාවුද මැතිණිය, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සම්බන්ධීකරණ කමිටු සභාපති මනෝජ් රාජපක්ෂ මැතිතුමා, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතා සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ශෂිකා කෝරලගේ මහත්මිය ඇතුළු කාර්යාලීය මාණ්ඩලික නිලධාරීන් මෙන්ම වනිතා සංවර්ධන නිලධාරීන් සහ ප්‍රාදේශීය කාන්තා බලමණ්ඩලයේ නියෝජිතවරියන් පිරිසක් සහභාගී වූහ.

දැයේ උන්නතිය වෙනුවෙන් වෙහෙසෙන ව්‍යවසායිකාවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කරමින් පැවැත්වූ මෙම වැඩසටහන, දේශීය නිෂ්පාදන ඇතුළත් විචිත්‍රවත් සල්පිලකින් සහ කාන්තා සංවිධාන සාමාජිකාවන්ගේ සහජ කලා කුසලතාවන් විදහා පෑ නැටුම්, ගැයුම් හා වැයුම්වලින් සමන්විත විය. කාන්තාව සතු ව්‍යවසායකත්ව ශක්තිය මෙන්ම ඇයගේ සංස්කෘතිකමය වටිනාකමද මෙහිදී මැනවින් කැපී පෙනුණි.

 

 

 

Scroll To Top