අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

10
ජූනි2026
මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන

මෙත් මල් පිපුණු ලෝක සාම පා ගමන...

10
ජූනි2026
රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා

රුධිර දාන පාරමිතා වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය...

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය 2026

භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් තෙමඟුල සමරනු වස්, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ අතර වෙසක් කූඩු නිර්මාණ තරගාවලියක් මහත් උද්යෝගයෙන් පැවැත්විණි.

මෙම තරගාවලිය වරකාපොල ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී. එහි ප්‍රධාන අරමුණ වූයේ අංශ අතර එකමුතුකම, සහයෝගීතාවය හා කණ්ඩායම් හැඟීම වර්ධනය කිරීම මෙන්ම, නිලධාරීන්ට තම නිර්මාණශීලීත්වය හා කලාත්මක දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් ලබාදීමයි.

තරගයේ විශේෂ කොන්දේසියක් ලෙස අපද්‍රව්‍ය හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය යොදාගෙන වෙසක් කූඩු නිර්මාණය කළ යුතු බව නියම කර තිබුණි. ඒ අනුව, සෑම අංශයක්ම තම නිර්මාණශීලීත්වය, කැපවීම සහ කණ්ඩායම් සහයෝගීතාවය මනාව විදහා දක්වමින් අලංකාර වෙසක් කූඩු නිර්මාණ ඉදිරිපත් කරන ලදී.

සියලුම අංශවල නිලධාරීන් විසින් පෙන්වූ උනන්දුව, කැපවීම හා සහයෝගීතාවය මෙම වැඩසටහනේ සාර්ථකත්වයට මහත් දායකත්වයක් ලබා දුන්නේය.

 

  

 

 
Scroll To Top