-වරකාපොල කොට්ටාස අන්තර් ක්‍රීඩා සමාජ තරඟාවලිය- 

49වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව වරකාපොල කොට්ඨාසයට අයත් අන්තර් ක්‍රීඩා සමාජ අතර තරඟවල අවසාන වටයේ ක්‍රීඩා තරඟ 2025.03.09වන දින තෝලංගමුව මධ්‍ය විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

දිනය අවසානයේදී ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය වරකාපොල කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ සහ සබරගමු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චතුරංගිකා ප්‍රේමරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මඟපෙන්වීමෙන් සිදුවිය.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩා නිලධාරීතුමා හා කාර්යාලයේ අනෙකුත් නිලධාරීන්ද ක්‍රීඩා සමාජවල සමාජික සාමාජිකාවන්ගේ සහ ක්‍රීඩාවට හිතැති බොහෝ පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව තරඟාවලිය සාර්ථක ලෙස පවත්වා නිම කිරීමට හැකිවිය.

 

 

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top