කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ජාතික ඉලෙක්ට්‍රොනික් උප්පැන්න සහතිකය ලබාදීම

කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම ජාතික ඉලෙක්ට්‍රොනික් උප්පැන්න සහතිකය වරකාපොල ප්‍රාදේශීය මහලේකම් කාර්යාලයේදී ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ අත්සනින් යුතුව 2025 මාර්තු මස 26 දින නිකුත් කරන ලදි. දැනට 2021 වසරේ සිට ඉදිරියට උපත ලැබූ දරුවන් හට මෙම ජාතික උප්පැන්න සහතිකය නිකුත් කරමින් පවතින අතර එය 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණුදෙණු පනතට අදාලව සිදු කරයි. ලියාපදිංචි කරන අවස්ථාවේදීම දෙනු ලබන ජාතික හැඳුනුම්පත් අංකය ද සමඟ දැනට පවතින සාමාන්‍ය උප්පැන්න සහතිකයට වඩා සුවිශේෂී ගුණාංග රැසකින් සමන්විතව මෙම ජාතික උප්පැන්න සහතිකය ඉදිරියේදී මහජනතාවට තම කාර්යන් වඩාත් පහසු කරවනු ඇත.

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top