වෙසක් පොහොය නිමිති කරගනිමින් බොදුබැති ගී වැඩසටහනක්

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කරමින් සමරනු ලබන වෙසක් පොහොය නිමිති කරගනිමින් බොදුබැති ගී වැඩසටහනක් 2025.05.16 දින වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය පැරකුම් එළිමහන් රංග පීඨයේදී පැවැත්විණි .

කාර්යාලීය සංස්කෘතික අංශයේ සංවිධානයෙන් හා අනෙකුත් නිලධාරීන්ගේ සහයෝගයෙන් පැවැත් වූ මෙම වැඩසටහන සඳහා සංස්කෘතික බල මණ්ඩලය ,වැඩිහිටි බල මණ්ඩලය ,ග්‍රාම සංවර්ධන බල මණ්ඩලය ,මංගෙදර මහින්ද දහම් පාසල, කාර්යාල නිලධාරීන් හා සමෘද්ධි අංශය නියෝජනය කරමින් බොදු බැති ගී ඉදිරිපත් කරන ලදී .

බැති ගී වැඩසටහනට සමගාමීව වසම්වලට අනුයුක්ත නිලධාරීන් හා සංස්කෘතික අංශය එක්ව කඩල හා කෝපී දන්සලක්ද පැවැත් විය.

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top