"පැහැසර අභිමන්" _ 2025

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්ගේ කලා හැකියාවන් එළිදැක්වීමත්, නිලධාරීන්ගේ රැකියා තෘප්තිය වර්ධනය කිරීමත් සහ නිලධාරීන්ගේ සාමූහිකත්වය, කණ්ඩායම් හැගීම වර්ධනය කිරීමේ අරමුණින් වාර්ෂිකව පවත්වනු ලබන "පැහැසර අභිමන් " කලා ප්‍රසංගය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පැරකුම් එළිමහන් රංගපීඨයේදී පවත්වන ලදී.

වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සහකාර ප්‍රාදේශීය ලේකම් ශශිකා කෝරලගේ මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්ගේ සහයෝගයෙන්ද සංස්කෘතික අංශය ඇතුලු සමස්ත කාර්යාල මණ්ඩලයේ සංවිධානයෙන් විචිත්‍රවත් කලා ප්‍රසංගයක් පැවැත්වීමට හැකි විය.

මෙම අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් රාජපක්ෂ මහතා, කෑගල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් (පාලන) කුසුම් බණ්ඩාර මහත්මිය, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) දීලීප් නිශාන්ත මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ෂා එල්.ප්‍රියදර්ශනී මහත්මිය ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

නෘත, නෘත්‍ය, ගීතාංගවලින් සපිරුණු සැමගේ නෙත් සිත් පැහැරගත් ප්‍රාසාංගික අංගයන්ගෙන් සමන්විත වූ පැහැසර අභිමන් 2025 විඩාබර රාජකාරී මනසට මද අස්වැසිල්ලක් විය

 

 

 

News & Events

22
ජූනි2026
වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026

වෙසක් කූඩු නිර්මාණ තරගාවලිය – 2026 භාග්‍යවතුන්...

11
ජූනි2026
මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව දිනය

මැයි 22 දිනට යෙදෙන ලෝක ජෛව විවිධත්ව...

Scroll To Top