තෛපොංගල් දින සැමරුම
සශ්‍රීකත්වය සහ කෘතගුණ සැලකීම අර්ථවත් කරන හින්දු බැතිමතුන්ගේ ප්‍රධානතම සංස්කෘතික උත්සවයක්වන තෛපොංගල් දින සැමරුම, වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය එළිමහන් රංගපීටයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලැබීය.
ප්‍රාදේශීය ලේකම් රංගන සජීව මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කාර්යාලීය සංස්කෘතික අංශය මගින් සංවිධානය කල මෙම උලළෙහි වතාවත් ශ්‍රී භද්‍රකාලී හනුමාන් කෝවිලේ කුරුක්කල්තුමා විසින් සිදුකරන ලද අතර,මේ සදහා කාර්යාලයීය සියලුදෙනාගේ සහභාගීත්වය සිදුවිය.
එළිමහන් රංගපීටය සාම්ප්‍රදායික 'කෝලම්' රටා සහ තොරණින් අලංකාරවත් කර තිබූ අතර හින්දු ආගමික වතාවත් සිදු කර අවසානයේ සාම්ප්‍රදායික චාරිත්රයන්ට මුල් තැන දෙමින් අලුත් සහලින් පිසූ "පොංගල් බත" සකස් කෙරුණි.
මෙම උත්සවය හුදෙක් රාජ්‍ය සේවකයන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහෝදරත්වය සහ සංස්කෘතික සහජීවනය වර්ධනය කරන අගනා අවස්ථාවක් විය


















